ලෝප්‍රකට අතුරු දහන් වූ අත්ලාන්තික් පුරවරය ඇත්තටම ලංකාවේ කොටසක්ද?

අටලංකාව නොහොත් ලෝප්‍රකට අතුරු දහන් වූ අත්ලාන්තික් පුරවරය ඇත්තටම ලංකාවේ කොටසක්ද? අත්ලන්තික් නගරය යනු අට ලංකාව බව විද්වතුන් සදහන් කරනවා. එයින් සදහන් වන්නේ අත්ලන්තික් යනු ශ්‍රී ලංකාවට අයත් කොටසක් බවයි

ඒ ක්‍රි. පූ. 350 දී පමණ ප්ලේටෝ විසින් එක් දිනක් තුල අත්ලාන්තික් සාගරයේ ගිලී ගිය අලංකාර නගරයක් ගැන සටහන් කර තිබෙනවා.අත්ලන්තික් නගරය ගැන වඩාත් පිලිගත් මතය ඉදිරිපත් කර තිබෙන්නේ 1960 දශකයේදී ග්‍රීක පුරා විද්‍යාඥයෙකු වූ ඇන්ජිලස් ගැලනොපවුලස් විසින් ක්‍රි. පූ. 1500 දී පමණ සිදුවූ විශාල ගිනි කඳු විදාරනයක් නිසා මධ්‍ය ධරණියේ පිහිටි සැන්ටොරින් දූපත ඉවතට වෙන්වී තිබෙනවා. මෙයින් ග්‍රීසියට අයත් ප්‍රදේශ සහ ග්‍රීක දූපත් මත තිබූ ශිෂ්ටාචාරය විනාශම වී ගොස් තිබෙන බව පෙනී යනවා. ඇන්ජිලොස් විශ්වාස කරන්නේ අත්ලන්තික් නගරය ගිල්ලවීමටද මෙම විනාශය හේතු වූ බවයි.ප්ලේටෝ විස්තර කරන ආකාරයට අත්ලන්තික් වාසීන් විශිෂ්ඨ

ඉංජිනේරුවන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් පිරිසක්. එහි මාලිගා, වරාය, දේවස්ථාන සහ තටාකාංගන ආදිය පිහිටා තිබුණු බව ඔහු විස්තර කරනවා. අග නගරය කඳු මුදුනක ඉදි කර තිබූ අතර විශාල දිය අගල් කිහිපයකින් එය වටවී තිබුණා. මේ දිය අගල් එකිනෙක සම්බන්ද කර තිබූ ඇල මාර්ග නැව් යාත්‍රා කිරීමට ප්‍රමාණවත් තරම් විශාලත්වයෙන් යුක්ත වූ බව පැවසෙනවා. පිටතින්ම පිහිටි දිය අගල් අති විශාල ඇල මාර්ගයකින් සාගරයට සම්බන්ධ වුනා. අගනගරයේ පිටත වූ යාබද ප්‍රදේශයේ නගරයට අවශ්‍ය ආහාර සම්පාදනය කරන ගොවිබිම් පිහිටා තිබුණා. ගොවිබිම් පසු කරන විට පිහිටි කඳුකරයේ ධනවත්ම වැසියන් වාසය කලා. ප්ලේටෝ මේ ධනවතුන්ගේ සුවිසල් නිවාස පිලිබඳව ද විස්තර කර තිබෙනවා. උණුසුම් සහ සිසිල් ජලයෙන් යුත් ජල මල්, විශාල භෝජන ශාලා සහ වටිණා ලෝහයෙන් ආවරණය කල පාශාණ බිත්ති ආදිය එහි සුවිසල් මන්දිර වල දක්නට ලැබුන බව ඔහු සඳහන් කර තිබෙනවා.. අතීතයේ ශ්‍රී ලංකාව ඉතාම දියුණු රටක් බවත් එහි කොටසක් ගිලාබැස්ස බවත් යම් මතයක් තියෙනවා.

ටොලමිගේ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව යනු අතිවිශාල භූමියක් බව පැහැදිලි වෙනව. ඒත් අද එය ඉතාම පුංචි කොටසක් වී ඇත. ප්ලුටෝ විසින් මීට වසර 2400 පෙර රචිත critias නම් පොතේ මේ පිලිබද මුලින්ම සදහන් කර තිබෙනවා. ප්ලුටෝගේ පොතේ සදහන් වෙනවා අත්ලාන්තික් පුරවරයේ වසරකට වර්ශා කාල දෙකක් තිබෙන බවත් එහි සිටී මිනිසුන් වසරකට කන්න දෙකක් වගා කරමින් ආහාර නිශ්පාදනය කල බවත්, එලෙස වර්ශා ක්‍රම දෙකක් සහ වගා ක්‍රම දෙකක් අදටත් ලොව පවතින එකම ආසියාතික රට ලංකාව පමණකි. එලෙසම ගිලී ගිය අත්ලාන්තික් පුරවරයත් රාමායණයේ එන ලංකා පුරවරයද මෙයම බව 1999 ඔප්පු වුනා.අතීතයේ ලංකාපුරවරය යනු වම් පැත්තෙන මැඩගස්කරයේ සිට දකුණු පැත්තෙන් ඔස්ට්‍රේලියාව දක්වා විහිදුන විශාල මහද්වීපයක් බව දැන් පැහැදිලි වනු ඇත.. අදටත් අපේ මාතෘ භූමියේ ඇදහිය නොහැකි අභිරහස් අඩි දහස් ගානක් සාගර පතුලේ නිහඩවම සැතපී ඇත

වර්ජනය කළ සේවකයන් සේවය අතහැර ගියා සේ සළකනවා” – දුම්රිය දෙපාර්තමේන්තුව

වර්ජනයේ යෙදෙන දුම්රිය රියදුරු, නියාමකවරු, පාලකවරු සහ ස්ථානාධිපතිවරුන් සේවය අතහැර ගියා සේ සැලකීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද (02) තීරණය කර තිබෙනවා.

ඒ අනුව නොදන්වා සේවයට නොපැමිණෙන සියලු සේවකයින්ට මෙලෙස සේවය අතහැර ගියා සේ සළකා ලිපි නිකුත් කරන බවයි දෙපාර්ත්මේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර සිටියේ.

දුම්රිය වර්ජනයට අදට දින 07කි.

පෙර කරුණු සොයා බැලිය යුතු බව දුම්රිය සංගම් කියයික්

වැටුප් විෂමතා ඇතුළු ව්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති කළ ඉල්ලීම් ඇතුළත් කැබිනට් පති‍්‍රකාවට අද (01) කැබිනට් අනුමැතිය හිමි වුණා.

ඒ අනුව දුම්රිය සේවාව සංවෘත සේවාවක් කිරීමට ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමි වූ බවයි ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ.

කෙසේවෙතත් දුම්රිය වෘත්තීය සමිති පැවසුවේ කැබිනට් මණ්ඩලය අද ගත් එම තීරණය සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

අනුමැතිය හිමි වූ කරුණු සම්බන්ධයෙන් විමසීමක් සිදු කිරීමෙන් පසු දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අවසන් කිරීම පිළිබඳව තීරණයක් ගන්නා බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පැවසුවේ.

දිනන්න පුලුවන් නම් එනවා බැරි නම් යනවා රනිල් ව්ක්ක්‍රම සිංහ මහාතා පවසයී

අසීරු අවස්ථාවන් වලදී පක්ෂය ආරක්ෂා කර ගත් නායකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණය ජයගත හැකි නම් ඊට තමන් ඉදිරිපත් වන බවත් නැතහොත් ඉවත්ව යන බව එක්සත් ජාතික පක්ෂ නායකත්වය ප්‍රකාශ කර තිබේ.

  • වයස අවරුදු 70 වන තෙක් ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ තනතුරු රැසක් දැරූ තමාට දේශපාලනෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ 12 බ්‍රහස්පතින්දා බියගම සහ කැලණිය මැතිවරණ කොට්ඨාසවල එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජික පිරිසක් කොළඹ අරලියගග මන්දිරයේ දී හමුවූ අවස්ථාවේදී කියා සිටියේය.

    පක්ෂයේ නායකයන් එකා පිට එකා මැරී වැටෙද්දී පක්‍ෂ නායකත්වය බාර ගනිමින් අසීරුම කාලයේදී ක්‍රියා කළ ආකාරය එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජිකයන්ට සිහිපත් තළ අගමැතිවරයා පක්ෂය වැටුණු සෑම අවස්ථාවකදීම එය ගොඩගත් ආකාරය ද සඳහන් කළේය.

    එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස පක්ෂයේ මුලිකත්වයෙන් පිහිටුවන සන්ධානයත් දිනවීම සිය යුතුකම බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එළඹෙන ජනාධිපතිවරණයේ දී එම වගකීම ඉටු කළ නොහැකි නම් පිටව යෑම තමාට කිසිඳු ගැටළුවක් නැති බවද වැඩි දුරටත් පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා

COLOMBO (News) – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස දුමින්ද නාගමුව මහතා නම් කර තිබේ.

ඒ, මහතා එම පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයායි.

ඔහු 2015 වසරේදී ද පෙරටුගාමී පක්ෂය සහ වමේ පක්ෂ කිහිපයක එකතුවෙන් ගොඩ නැගු සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ද ඉදිරිපත් විය.

දුමින්ද නාගමුව මහතා 2004 සිට 2006 දක්වා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස ද කටයුතු කළේ ය.

උනුසුම් පුවතකට අතිවිශේෂ ගැසට් පත්‍රය්ක්

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

රජයේ මුද්‍රණාලාධිපති ගංගා කල්පනි ලියනගේ මහත්මිය ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු අදාළ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණාලයට ලැබී ඇති බවයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයට පෙර අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගන්නා බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.

උණුසුම් පුවත්

ඕලන්ද යුගයෙන් පසු ජාල උමං මාර්ග

ඕලන්ද යුගයෙන් වසර 300 කට පසු උමං මාර්ගයක් මගින් ජලය පිටතට ගෙනයන වැඩපිළිවෙලක් ආරම්භ කළ බවත් විරෝධතා, ප‍්‍රශ්න, ගැටළු තිබුණත් කොළඹ මහනගරය අඩියෙන් අඩිය ඉදිරියට යනවා මිස පසුපසට යන්නේ නැති බවත් මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකර සිටියේ, කොළඹ අගනගර ආශ‍්‍රිත ප‍්‍රදේශයන් හි ඇතිවන ජල ගැලීම් හේතුවෙන් සිදුවන භෞතික හා සමාජීයීය, ආර්ථික බලපෑම අවම කිරීම සඳහා උතුරු කොළඹ නවමුතුවැල්ල භූගත උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, කොළඹ නගරයේ ඕලන්ද යුගයෙන් පසුව එනම් වසර 300 කට පසු උමං මාර්ගයක් මගින් ජලය පිටතට ගෙනයන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න හැකියාව ලැබීම ගැන අපි සතුටු වෙනවා. මේ රටේ අපේ තිබෙන්නේ ඕලන්ද යුගයේ, ඉංග‍්‍රීසි යුගයේ හදපු ඇල මාර්ග, උමං මාර්ග, දුම්රිය මාර්ග වසා දමන ක‍්‍රමයක් මිස ඒවා වැඩිදියුණු කරන ක‍්‍රමයක් නොවෙයි. ඒ නිසා අපි බෙහෙවින් සතුටට පත් වෙනවා එම කි‍්‍රයාදාමය මෙම ස්ථානයෙන් ආරම්භ කිරීමට ලැබීම ගැන.

මේ කොළඹ නගරය පහත් බිමක්. ඒ නිසා විශාල ගංවතුර ප‍්‍රශ්නවලට පසුගිය කාලයේදී අපට මුහුණ දෙන්න සිදුව තිබුණා. මේ සඳහා පිළියමක් ලෙස යෝජනාවක් ඇවිල්ලා විශාල ජලාශ ඉදිකළා. නමුත් ඒ ජලාශ ඉදිකිරීමෙන් එම ප‍්‍රශ්ණයෙන් 1/3 ක් පමණ විසඳීමට පුළුවන් බව පැහැදිලි උනා. ඒ නිසා මේ ලෝක බැංකුවේ ආධාරයත්, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මැදිහත්වීමෙනුත් අපි මේ ඇළ මාර්ග, පොළව යටින් යන කාණු පද්ධති, උමං පද්ධති නැවත වතාවත් බි‍්‍රතාන්‍ය යුගයෙන් පසුව ජලය මුහුදට මුදා හරින්න පුළුවන් පොම්පාගාර අපි ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. අඹතලේ පොම්පාගාරයේ කටයුතු දැන් සිදුවෙමින් පවතිනවා. එමගින් කඩුවෙල, කොලොන්නාව ප‍්‍රදේශයේ ගංවතුර පාලනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම නාගලන්වීදියේ පොම්පාගාරයක් ඉදිකරමින් යනවා. තොටලඟ, උතුරු කොළඹ ප‍්‍රදේශයේ ගංවතුර ප‍්‍රශ්නයට පිළිතුරක් එමගින් ලැබෙයි කියලා. ඒ වගේම අපි රාජකීය විද්‍යාලය අසලින් ටොරින්ටන් ප‍්‍රදේශයේ නිදහස් චතුරස‍්‍රය අසලින් තවත් උමං මාර්ග දෙකක් ආරම්භ කර ගෙන කරමින් යනවා එම ප‍්‍රදේශයේ ජලය බැසයාම විධිමත් කරන්න. ඒ වගේම අපි දැනටමත් කින්සි පාර ඞී.එස්. සේනානායක විද්‍යාලය හරහා පොළව යටින් කාණු පද්ධතියක් ඉදිකළා. වසර 150 ක් පැරණි ජලසම්පාදන පද්ධතිය නවීකරණ කටයුතු අප රජය යටතේ ජලසම්පාදන මණ්ඩලය මගින් මේ වන විට සිදු කරගෙන යනවා. මලාපවහන පද්ධතිය අලූත්වැඩියාවටත් ආසියානු සංවර්ධන බැංකුවෙන් උපකාර ලැබි තිබෙනවා. ඒ වගේම වැසිජලය බැසයන පද්ධතිය අපේ අමාත්‍යාංශයෙන් සිදු කරගෙන යනවා.

කොළඹ කසළ ගැටළුව විසඳීම සඳහා අරුවක්කාලූවේ විද්‍යාත්මක කසළ රඳවනයක් අපි සාදා තිබෙනවා. උදේට කොළඹ නගරයේ දේශපාලනය කරන අය පුත්තලමට ගිහින් අරුවක්කාලූවට යන වාහනවලට ගල් ගස්සනවා. වනාතවිල්ලූවේ අයට නැතිව කිලෝමීටර් 35 ක් මෙහා සිටින අයටත්, කොළඹ ඉන්න අයටත් තමයි මේකේ ප‍්‍රශ්නේ තියෙන්නේ. මේ දේශපාලකයෝ කවුද කියලා තමුන්නාන්සේලා මතක තියා ගන්න ඊළඟ පාර නගර සභාවට, පළාත් සභාවට ඡන්දය දීමේදී කොළඹ කුණු කරන්න හදන, ආගම්වාදය අවුස්සන්න හදන අය පිළිබඳව තේරුම් ගෙන කටයුතු කරන්න. අපි නම් සඳහන් කරන්නේ නැහැ. කවුරු හරි අභියෝග කරනවා නම් නම් හෙළි දරව් කරන්නත් අපි ලැහැස්තියි.

පුත්තලමේ විද්‍යානුකූල කසළ බැහැරකිරීමක් නැහැ. ස්ථාන 13 ක කුණු දාල තිබෙනවා හැබැයි ක්ලීන් පුත්තලම් තමයි ව්‍යාපාරයේ නම. මේවයේ සම්පූර්ණ බර අපේ නිලධාරීන්ට දී තිබෙනවා. කණගාටුවෙන් සඳහන් කරන්න ඕනේ නගර සභාවේ කිසි කෙනෙක් විනාඩි 5 ක් මේ වෙනුවෙන් වැය කර නැහැ. අපේ නිලධාරීන් අද රෑ අටේ සිට උදෑසන අට වෙනකන් ඇහැරගෙන ඉන්නවා මේ කසල ටික ගෙනෙනකන් පොලිස් නිලධාරීන් හමුදා නිලධාරීන් සමග. සමහර මාධ්‍යවල මේවට කාටුන් අඳිනවා කසළ ලොරිවලට පොලිස් ආරක්‍ෂාව දෙනවයි කියලා. ඒ කාටුන් අඳින මාධ්‍ය ආයතනවල කුණු තමයි ඒ ගෙනයන්නේ. කාටූන් අඳිනකොට ඒ අය ඒ ගැන මතක තබා ගත යුතුයි. මේ තත්වය අපි වහාම වෙනස්කර ගත යුතුයි. කොළඹ කුණු අපට එපා කියලා ගෙනගිය ව්‍යාපාරයේ ප‍්‍රතිඵලය තමයි මේක. එකක් මතක තියා ගන්න අපි ඉදිරිය තිබ්බ අඩිය පස්සට තියන්නේ නැහැ. ලබන මාර්තු මාසය වන විට ඒ දුම්රියෙන් කසළ ගෙනයාමේ ව්‍යාපෘතියත් සාර්ථකව අවසන් කරනවා කාගේ විරෝධතා, මොන ආකාරයේ දේශපාලන මුග්ධ කි‍්‍රයා සිද්ධ කළත්. ඒ වගේම මේ කොළඹ සහ අවට ප‍්‍රදේශවල කැළි කසළ ප‍්‍රශ්නය විසඳන්න නම් අරුවක්කාලූව වගේ කසළ රඳවනයන් 10 ක් 12 ක් මේ රටේ හැමතැනකම ඉඳිකළ යුතුයි. එය අනිවාර්යයෙන්ම මේ රටේ අනාගතයේදී සිදුවිය යුතුයි.

මේ ළඟදි අතිගරු ජනාධිපතිතුමා ගෙනආව කැබිනට් මණ්ඩලයට කසළ කළමනාකරණ ප‍්‍රතිපත්තියක්. මම එතුමාට කිව්වා ප‍්‍රතිපත්ති හොඳයි කි‍්‍රයාත්මක කරන්න ආයතනයක් නැහැ නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධන සංස්ථාව, මධ්‍යම පරිසර අධිකාරිය වගේ වැදගත්, බලගතු කසළ කළමනාකරණ අධිකාරියක් මේ රටට අවශ්‍යයි. නැත්නම් මේ කොළඹ නගර සභාවට, බස්නාහිර පළාත් සභාවට මේ ප‍්‍රශ්නේ විසඳගන්න බැහැ ඒ නිසා වැදගත් බලගතු කසළ කළමනාකරණ අධිකාරියක් පිහිටුවා ගත යුතුයි මේ රටේ ඉදිරිය ගෙනයන්න. එය මේ කොළඹටත්, අනෙක් ප‍්‍රදේශවලටත් විසඳුමක් වෙනවා.

ඒ වගේම මේ කොළඹ තිබෙන තුන්වන ප‍්‍රශ්නය අපේ දුගී ජනතාවගේ ප‍්‍රශ්නය. පැල්පත් 50,000 ක් ඉතාමත්ම අවමානාත්මක ජීවිත ගතකරනවා. අද ඒ ප‍්‍රශ්නයටත් නාගරික සංවර්ධන අධිකාරිය උර දී තිබෙනවා. එම නිවසක වටිනාකම මිලියන 5 යි. රජයෙන් ලබාදෙන්නේ එක මිලියනයයි. ඒ වගේම එම ජනතාවගෙන් අපි බලාපොරොත්තු වෙනවා වසර 30 ක් ඇතුළත තවත් මිලියනයක් ලබාගන්න. ඉතිරි මිලියන 3 දරන්නේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඒක මතක තියා ගන්න. එම ගැටළුවත් පියවරෙන් පියවර විසඳා ගන්න අපි කටයුතු කරගෙන යනවා. මේ කෙටි කාලය තුළ නිවාස 15,000 ක් දී තිබෙනවා. මේ සැප්තැම්බර් 13 වෙනිදට තවත් නිවාස 3,300 ක් ලබාදෙනවා. ඒ වගේම තවත් නිවාස 5,600 කට අපි මුල්ගල තියනවා. ඒ වගේම චීන රජය මගින් මෙම රජයේ කි‍්‍රයාකාරීත්වය ගැන පැහැදීමෙන් තවත් නිවාස 2,000 ක් ප‍්‍රදානයක් හැටියට ලබාදී තිබෙනවා. ඒ වගේම අපි ඉදිරි නිවාස සැලසුම් සකස් කර තිබෙනවා. ඒවා කි‍්‍රයාත්මක කළොත් මේ කොළඹ නගරය පැල්පත්වාසීන්ගෙන් තොර නගරයක් බවට පත්වෙනවා.

ඊ ළඟට කොළඹ නගරයේ මාර්ග තදබදයට විසඳුමක් ලෙස පොදු ප‍්‍රවාහනය නංවන්න විශාල වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. අක්කර 25 ක කඩ සාප්පු 1,200 කින් යුත් නව මැනිං වෙළෙඳපොළ ලබන වසර මුල භාගයේදී විවෘත වෙනවා. එම මැනිං වෙළෙඳපොල තිබෙන ස්ථානය මෙරට විශාලතම බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිවෙනවා. මාර්ග 4 කින් යුතු සැහැල්ලූ දුම්රිය සේවය අපේ අමාත්‍යාංශය මගින් සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. බස්රථ නවීකරණයක් මගින් පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කරන්න අපි කටයුතු කරනවා.

ඒ වගේම මේ උතුරු කොළඹ සහ මැද කොළඹ ජනතාව සඳහා ජත්‍යන්තර මට්ටමේ සිංහල දෙමළ මාධ්‍යයෙන් පාසලක් සංවර්ධනය කර දෙන ලෙසත්, ජයවර්ධනපුර රෝහල මට්ටමේ රෝහලක් අපි අග‍්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා තිබෙනවා. හොඳ නිවාස ලැබෙන කොට, පරිසරය හොඳ වෙනකොට හොඳ සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම් අවශ්‍ය වෙනවා. ඔබගේ දරුවන් හොඳින් අධ්‍යාපනය ලැබුවහොත් ලබන වසරේ ආරම්භ වන වරාය නගරයෙන් රැකියා 80,000 ක් ඔවුන් වෙනුවෙන් නිර්මාණය වෙනවා. අපේ දරුවන් එතනට ශක්තිමත් කර ගන්න, පේමන්ට් රස්සාවෙන්, ත‍්‍රීවීල් රස්සාවෙන් පමණක් ජීවත් වෙන්න බැහැ. අපේ දරුවනුත් අද ඉහළට ගෙන යා යුතුයි. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල, පදනම අපේ අමාත්‍යාංශය මගින් දමා තිබන බව අපි බොහොම ආඩම්බරයෙන් සඳහන් කරනවා.

අපේ ඊ ළඟ ඉලක්කය කිඹුලාඇල අවට ප‍්‍රදේශය වරාය ආශ‍්‍රිතව මේ රටේ ප‍්‍රභලම ආර්ථික කලාපය, ප‍්‍රබලම ස්ථානය බවට පත් කරන්න. නව නිවස 2,000 ක් ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කිඹුලාඇල ආසන්න ප‍්‍රදේශය වරායට ඒ වගේම රේගු දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන නිෂ්කාශන අංශය පිහිටුවන්න අක්කර 15 ක අපි කටයුතු කරනවා. මේ සියල්ලත් සමග ඔබට ආඩම්බරයෙන් කියන්න පුළුවන් ලිපිනයක් උතුරු කොළඹ සියළු දෙනාටම ලැබෙනවා.

මේ පොළව යටින්, නිවාස පද්ධති හරහා උමගක් ඉදිකරනවා කිව්වාහම ජනතාව සන්ත‍්‍රාසයට පත් උනා. බියට පත් වුණා. උමා ඔයේ වගේ ගැටළු මතුවෙයි කියලා සිතුවා. නමුත් අපේ පැහැදිලි කිරීම්, ව්‍යාපෘතියේ කාර්ය මණ්ලයේ කැපවීම, අපි දුන් අස්වැසිල්ල නිසා ඒ සියළු දෙනාම අපට එකඟ වෙලා එම වන්දි මුදල් අරගෙන අපට එම ශක්තිය ලබාදී තිබෙනවා. අපි ඉදිරියේදීත් වගකීමෙන් යුතුව ඔබට එම කටයුතු කරන්න, කොන්ත‍්‍රාත් සමාගම ඇතුළු සියළු දෙනාවම නිසි ආකාරයෙන් අධික්ෂණය කරන බව ප‍්‍රකාශ කරනවා. මොකද කැලයක, කුඹුරු යායක, වතුයායක යටින් උමං ඉදිකරනවා වගේ නෙමෙයි මේ නගරයක් මැදින් උමගක් ඉදිකරගෙන යන එක පහසු කාර්යයක් නෙමෙයි, ඉතා බැරෑරුම් කාර්යයක්. ඒ නිසා එම කටයුත්ත මහජනතාවගේ ශක්තියෙන් අපි සිදු කරනවා.

2015 අපි මේ බස්නාහිර පළාතේ මහානගරය ආරම්භ කරන විට ඉන්දියාවෙත් මහානගරයක් අමරාවතී නමින් ආරම්භ කළා. අපේ සැලසුම් හදපු සමාගමමයි එයත් සැලසුම් කළේ. නමුත් අද ඒක අත්හැර දමා තිබෙනවා අති විශාල ආයෝජනයක් සිදු කර. අපි කියනවා නොයෙක් විරෝධතා, ප‍්‍රශ්න, ගැටළු තිබුණත් කොළඹ මහනගරය අඩියෙන් අඩිය ඉදිරියට යනවා මිස පසුපසට යන්නේ නැහැ කියන එක අපි ඔබ හැමදෙනාටම කියනවා යැයි සඳහන් කළේය.

ඕලන්ද ද යුගයෙන් පසු උමං ජලය පිටතට

ලන්ද යුගයෙන් වසර 300 කට පසු උමං මාර්ගයක් මගින් ජලය පිටතට ගෙනයන වැඩපිළිවෙලක් ආරම්භ කළ බවත් විරෝධතා, ප‍්‍රශ්න, ගැටළු තිබුණත් කොළඹ මහනගරය අඩියෙන් අඩිය ඉදිරියට යනවා මිස පසුපසට යන්නේ නැති බවත් මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

සැකයක් තියාගන්න එපා එජාපය 77 වගේ දිනනවා

හිටපු ඇමති, එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික, නීතිඥ ඉම්තියාස් බාකීර් මාකාර් මෙසේ අදහස් දක්වයි.
* පොහොට්ටුව දෙන්නේ වැඩවසම් පණිවිඩයක්
* විවිධත්වය කියන්නේ සම්පතක්
* සංහිඳියාව නැති රටකට ඔළුව උස්සන්න බෑ
මේ වන විට මුළු රටම ජනාධිපතිවරණයකට සූදානම් වෙනවා?
ජනාධිපතිවරණය ගැන අද මුළු රටම කතා වෙනවා. මේ ප්‍රධාන දේශපාලන තීන්දුව තුළින් ප්‍රශ්න අඩුපාඩුකම් සියල්ලම විසඳගන්න පුළුවන් වෙයි කියලා ජනතාව විශ්වාස කරන්නේ. නමුත් අපේ ඉතිහාසය තුළ ඒ විදිහට ප්‍රශ්න විසඳිලා තියෙනවාද? සමාජය ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියනවා. ඡන්ද පෙට්ටියෙන් බලය ගන්න නිසා ඒ විදිහට කියන්නේ. නමුත් බලය ගත්තාට පසුව ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වෙනවාද? ඡන්දදායකයන්ගේ වුවමනාකම් ඉටු කරනවාද? ඒවා ඉටු කරගන්නට නිවැරදි ඇමතීමක් කරනවාද? කියන ප්‍රශ්නේ තියෙනවා. කෙසේ වෙතත් ඡන්දය කියන්නේ තමන්ගේ නායකයා පත් කර ගැනීමට ජනතාවට ලැබෙන ලොකුම අවස්ථාව. එහිදී පුද්ගලයා නෙවෙයි වැදගත් වෙන්නේ ප්‍රතිපත්තියයි, දැක්මයි.
නමුත් අද වන විට ජනතාව දේශපාලන ප්‍රතිපත්ති ගැන උනන්දුවක් දක්වනවාද කියන ගැටලුව මතු වෙලා?
1932 වසරේ සිට සර්වජන ඡන්ද බලය පාවිච්චි කරනවා. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය අතින් මුහුකුරා ගිය සමාජයක් ඇති වී තිබිය යුතුයි. මේ කලාපයේ මුලින්ම සර්වජන ඡන්ද බලය ලැබූ රට ශ්‍රී ලංකාවයි. නමුත් ඒ බලය පාවිච්චි කිරීමේදී සහ ජනතා නියෝජිතයන්ගේ හැසිරීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදී මුහුකුරා යෑමක් පේන්න තියෙනවද? දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැනත් ගැටලුවක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන උදවිය සහ එයින් අවස්ථාව ලබා ගන්නා උදවිය ඒ වටිනාකම් ඔවුන්ගේ හැසිරීම්වලින් පෙන්නුම් කරන්න ඕන. නමුත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ පෙන්නුම් කරනවාද කියන එක මේ වෙනකම් ගැටලුවක්.
ඔබ දේශපාලනයට එන්නේ සමවාදී ශිෂ්‍ය සංගමයෙන්. එදා දේශපාලනය හා සම්බන්ධ වූ ආකාරයේ හැසිරීමක් අද ශිෂ්‍ය ව්‍යාපාරවල දකින්න පුළුවන්ද?
සමවාදී ශිෂ්‍ය පෙරමුණේ සාමාජිකයෙක් විදිහට දේශපාලන ගමන පටන් ගැනීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා. මම ශිෂ්‍ය සංගමයේ ජාතික සභාපති ලෙස පත් වෙන්නේ ඡන්දයෙන්. මේ රටේ සාම්ප්‍රදායික විදිහට බලනවානම් හැමෝම ශ්‍රී ලංකාවේ මිනිසුන් ලෙස නෙවෙයි බලන්නේ. මුස්ලිම්, දෙමළ, සිංහල කියන බැල්මෙන් මිනිස්සු දෙස බලන්නේ. මම මුස්ලිම් වෙලත් එදා තරුණයන් ඒ බැල්මෙන් මා දිහා බැලුවේ නෑ. මාව ජාතික සභාපති කර ගත්තා. 77 මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරග කරනකොට ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ආණ්ඩුව බලයට පත් වුණොත් හැම විෂයක් සඳහාම ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තීරණ ගැනීමට කමිටු පත් කරලා තිබුණා.
අද ශිෂ්‍ය සංගම්වල හැසිරීම් ගැන ඔබට මොකද හිතෙන්නේ?
එදා ශිෂ්‍ය සංවිධ හා පක්ෂ සංවිධානවලින් පක්ෂවල තිබුණු අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නිරූපණය වුණා. ඡන්දයෙන් මම තරුණ පෙරමුණේ නායකත්වයට පත් වුණානේ. රංජන් විජේරත්න මහත්මයාගේ කාලයේදී ඉඹුලාන මහතා, මගේ පියා හුරුල්ලේ මහත්මයා පාර්ලිමේන්තුවෙන් අස්වෙලා ආණ්ඩුකාරකම් භාර ගන්නකොට එජාප සංවිධායකවරුන් තේරුවේ ඒ ආසනයේ තියෙන පක්ෂ සංවිධාන ඔක්කොම පක්ෂ මූලස්ථානයට කැඳවලා රහස් ඡන්දයෙන්.
අද පක්ෂ ඇතුළේ ඒ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද කියන ගැටලුව තියෙනවා. ජනතාව වැඩි මනාපයෙන් පත් කරලා තම නියෝජිතයන්ව පාර්ලිමේන්තු යවනකොට, සමහර දේශපාලන නායකයන් විසින් ඔවුන් ඉවත් කර තමන්ට කැමති කෙනාව පාර්ලිමේන්තු යවනවා.
ලෝකේ ඒ වගේ දේවල් වෙන්නේ නෑ. එංගලන්තයේ ලේබර් පක්ෂයේ නායකයට ඒ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩි බලය හිමි වුණේ නෑ. ඒත් වෘත්තීය සමිති, පක්ෂයේ සාමාජික සමිති වගේ සංවිධානවල ඡන්දයෙන් ඔහු පක්ෂයේ නායකත්වයට පත් වෙනවා. අවුරුදු 10කට වැඩි කාලයක් පැරදෙමින් හිටපු ලේබර් පක්ෂයේ නායකයාව අයින් කරලා ටෝනි බ්ලෙයාර් කියන තරුණ නායකයාව පත් කරගත්තා. ලේබර් පක්ෂයේ දෑකැත්තයි මිටියයි වෙනුවට රෝස මල ඉදිරියට දාගෙන විශාල ජයග්‍රහණයකට අරන් ආවා.‍ ඒක එක් උදාහරණයක්.
මේ විදිහට පක්ෂයේ ස්වභාවික නායකයන් මතු වෙන්න නම් පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනෑ. මිනිසුන්ව මුල්කරගෙන ඉදිරියට ගෙන ගියේ නැත්නම් ජයග්‍රහණ ලැබෙන්නේ නෑ. ස්වභාවික නායකයන් මතු නොවුණොත් පක්ෂය පසුගාමී වෙනවා.
අද සහජීවනය, සංහිඳියාව ගැන කතා කරනවා. ඇතැමුන් මේ වචන අවඥාවෙන් බැහැර කරන අවස්ථා තියෙනවා?
මේක බහුතර මතය නෙවෙයි. සුළුතර මතය. දරුවන්ගේ රැකියා ප්‍රශ්න, එදා වේල ගැන ප්‍රශ්න තියෙද්දී, හොඳ අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීම ගැන ප්‍රශ්න තියෙද්දී අද මාධ්‍ය මොනවා ගැනද කතා කරන්නේ? සංහිඳියාව කියන්නේ යල්පැනගිය දෙයක්; සැකය, අවිශ්වාසය මතු කරන දෙයක් විදියට තමයි අදහස් මතු කරන්නේ. මේවා පැළ කරන මත; ස්වභාවික මතය නෙවෙයි. මේවා පිටුපස න්‍යායපත්‍ර තියෙනවා. කඩතුරා ඉරලා මේ මත පිටුපස තියෙන න්‍යායපත්‍ර තේරුම් ගන්න අවශ්‍යයි. ලෝකයේ ගැටුම් ඇති කරන බලවේග තියෙනවා. ඒ බලවේග තමන්ගේ වාසිය, න්‍යායපත්‍ර සඳහා ගැටුම් ඇති කරනවා. රටක ගැටුම් විසඳගත්තොත් තමයි රටකට ඉදිරියට යන්න පුළුවන්. රටක අභ්‍යන්තර ප්‍රශ්න, බාහිර ලෝකයත් සමඟ තියෙන ප්‍රශ්න විසඳගෙන සංහිඳියාවක් ඇතිකළොත් පමණයි රටකට ඔළුව උස්සන්න පුළුවන්. මේ යථාර්ථය අපි ජර්මනියේදී ජපානයේදී දකිනවා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව බර්ලින් තාප්පය කඩලා දාලා අල්ලපු රටත් එක්ක සමඟි වුණා. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ බිමට සමතලා වුණු ජපානය යුද්ධය තහනම් වචනයක් කළා. ආරක්ෂක වියදම් අඩු කළා. ගැටුම් අඩු කරගත්තා. ලෝකයේ බලගතු රාජ්‍යයක් වුණා.
වැඩිදුර යන්න ඕන නෑ, අපේ රටේ ඉතිහාසය බලන්න. අපි නිදහස ගත්තේ කොහොමද? සුද්දො අපට අභියෝග කළා උඹලට නිදහස දුන්නොත් උඹලා මිනී මරාගනීවි කියලා. පළමුව එකතු වෙයල්ලා කියලා අභියෝගයක් දුන්නා. සිංහල මහ සභාව, දෙමළ සංගමය, මැලේ සංගමය, යෝනක සංගමය, බර්ගර් සංගමය කියලා බෙදිලා හිටපු පිරිස එක කොඩියක් යටතට ගත්තා ඩී. එස්. සේනානායක මහත්මයා විසින්.
සංහිඳියාවක් නොතිබුණොත් රටකට ඔළුව උස්සන්න බෑ. ලෝක ඉතිහාසයත් අපේ ඉතිහාසයත් අපට දෙන පාඩම ඒකයි. අපි එකතු වුණු නිසයි අපට නිදහස ගන්න හැකි වුණේ. ආර්ථික නිදහස ගන්න වෙන්නෙත් අප එකට එකතු වුණොත් පමණයි.
ශ්‍රී ලාංකිකත්වය කියන වචනය තවම ශ්‍රී ලංකාවට හුරු නැති බවක් පේනවා?
අපි ශ්‍රී ලාංකිකයන් ලෙස හැමදෙනා දෙසම බලන්න ඕනෑ. හැමෝටම ගෞරවයක් ලැබෙන්න ඕනෑ. විවිධත්වය තුළ එකමුතුභාවය රැකෙන්න ඕනෑ. බහුසංස්කෘතියෙන් ප්‍රජාතන්ත්‍රවාදය නිරූපණය වෙනවා. නමුත් අද බහුසංස්කෘතිකවාදයට විරුද්ධව මත පළ වෙනවා. අද බහුතරයේ සංස්කෘතියට අනිකුත් අය අනුගත විය යුතුයි කියන දේ බටහිර රටවල සුළු පිරිසක් කියන කතාවක් වෙලා. එතැන තියෙන්නේ අධිපතිවාදය. ඒ අය තමයි නවසීලන්තයේ මුස්ලිම් පල්ලියට ප්‍රහාර එල්ල කළේ. ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ, ටෙක්සාස්වල යුදෙව් පල්ලිවලට, හින්දු දේවස්ථානවලට ප්‍රහාර එල්ල කරන්නේ ඒ කියන සුපිරිවාදය විසිනුයි. ඒ අය ලතින් ඇමෙරිකානුවන්, හින්දු, මුස්ලිම්, ෂීක් උදවිය දකින්න කැමති නෑ. සුළු පිරිස් ඔවුන් යටතේ ඉන්න ඕනෑ කියලා ඔවුන් විශ්වාස කරනවා. නමුත් අපි විවිධත්වය අගය කරන්න ඕනෑ; ගරු කරන්න ඕනෑ; විවිධත්වය එක්ක ජීවත් වෙන්න ලෑස්ති වෙන්න ඕනෑ. එතනයි සංහිඳියාව තියෙන්නේ. සංහිඳියාව තිබුණොත් තමයි රටකට ඔළුව උස්සන්න පුළුවන් වෙන්නේ.
විවිධත්වය බරක් නොව සම්පතක් කරගත් නිසා අද සිංගප්පූරුව ඉතා දියුණු මට්ටමකට පත් වෙලා. සිංගප්පූරුව ඉස්ලාමීය ලෝකය දිනන්න ඉස්ලාම් සම්භවය පාවිච්චි කළා. චීනය දිනන්න චීන සම්භවය පාවිච්චි කළා. ඔවුන් ඉන්දියානු වෙළෙඳපොළ දිනන්න ඉන්දීය සම්භවය පාවිච්චි කළා. ශ්‍රී ලංකාව පසුගාමී වෙන්න හේතුව වර්ගවාදය කියලා ලී ක්වාන් යූ ශ්‍රී ලංකාව දිහා බලලා කිව්වා. සංහිඳියාව ඇතිකරගත්තොත් ශ්‍රී ලංකාවට දියුණුවක් තියෙනවා.
ජාතිවාදී පදනමින් ඇතැම් දේශපාලන පක්ෂ හැසිරෙන තැන් පේනවා?
රටේ බහුතර ජනතාව ජාතිවාදය සමඟ නෑ. හැම මැතිවරණයකදීම ඒ වගේ ජාතිවාදය ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. හැබැයි ජාතික දේශපාලන පක්ෂත් ජාතික දේශපාලන පක්ෂ ලෙස හැසිරිය යුතුව තියෙනවා. මාධ්‍යයත් ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් හෝ තමන්ගේ න්‍යායපත්‍ර වෙනුවෙන් හෝ සැකය අවිශ්වාසය වපුරන හැටි පේනවා. ‘රැස’ට මම ඒ චෝදනාව නඟන්නේ නෑ. අද මාධ්‍ය බොහෝමයක් ඒ අපරාධය කරනවා, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන්. අනාගතයට හොඳ රටක් බාර දීමේ වගකීම මාධ්‍යයට තියෙනවා කියන කල්පනාවෙන් මාධ්‍ය හැසිරෙන්න ඕනෑ. වගකීමෙන් දේශපාලනඥයන් හැසිරෙන්න ඕනෑ.
පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් පත් කරලා තියෙනවා. ඔවුන් අලුත් ආර්ථික වැඩපිළිවෙළක් හඳුන්වා දෙන බව කියනවා. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ අසාර්ථකයි කියන එකද?
අවුරුදු විසි ගාණක් ආණ්ඩු කරපු පක්ෂයක් ඒ අය. අවුරුදු විසි ගාණක් තුළ ශ්‍රී ලංකාව සුරපුරයක් කරන්න තිබුණානේ ඒ අයට ඕනෑ නම්. යුද්ධයෙන් පසුව ජාතික එකමුතුවක් සඳහා මේ රට හොඳ තැනකට හරවන්න තිබුණනේ. ඒ ආණ්ඩු කාලයේදිනේ වෛරය සැකය වැඩි වුණේ; අන්තවාදී කණ්ඩායම් බොහොමයක් ඇති වුණේ; සුළු ජනකොටස් ජාතික දේශපාලන පක්ෂ කෙරෙහි තිබුණු විශ්වාසය බිඳුනේ.
ඒ පක්ෂය ගැන මට තියෙන්නේ ප්‍රතිපත්තිමය චෝදනාවක් විතරයි. එතැන තියෙන්නේ පවුල්වාදී පැවැත්මක්. එහි අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. අගමැති, ජනපති, කථානායක, මුදල් ඇමති, විදේශ කටයුතු ඇමති සියලු දෙනා එක පක්ෂයකින් වෙයි. එක පවුලකින් මැති ඇමතිවරු ඒවි. වැඩවසම්වාදයක් ගැන පණිවුඩයක් ඒ පක්ෂයෙන් දෙන්නේ. ඒ වගේ පාලන ක්‍රමයක් විසිවැනි සියවසේ අපේ රටට ගැළපෙනවාද? ඒ වගේ පක්ෂවලට අවස්ථාව ලබාදීමෙන් කරන්නේ ජනතාවගේ බුද්ධියට කරන නිගරුවක්.
අද තුන්වැනි බලවේගයක් ගැන විශේෂයෙන් කතා කරනවා?
ආණ්ඩු ගැන කලකිරීම් ඇති වීම සාමාන්‍යයි. තුන්වැනි බලවේග ගැන කතා කිරීමත් පුදුමයක් නෙවෙයි. එක්සත් ජාතික පාක්ෂිකයෙක් ලෙස මේ රටට ගැළපෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයක් කියලයි මම විශ්වාස කරන්නේ.
2020 රටේ නායකයා බිහිවන්නේ එජාපයෙන් කියලා ඔබ කියන්නේ?
සහතික වශයෙන්ම මට විශ්වාසයක් තියෙනවා. අපේ පක්ෂයේ ඡන්ද පදනම දිනිය හැකි අපේක්ෂකයෙක් වෙන්න ඕනෑ පළමුවෙන්ම. දෙවැනිවට අනෙකුත් පක්ෂවල සහාය ලබාගත හැකි අපේක්ෂකයෙක් වෙන්න ඕනෑ. මුළු රටම එක් ඡන්ද කොට්ඨාසයක් වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් පමණක් දිනන්න බෑ. උතුර, නැඟෙනහිර, වතුකරය මේ සියලු ඡන්ද දිනාගන්න පුළුවන් නායකත්වයක් තියෙන්න ඕනෑ. රවුෆ් හකීම් මහත්මයා, දිගම්බරම් මහත්මයා, මනෝ ගනේෂන් මහත්මයා යන මේ සියලු දෙනාගේම සහයෝගය ගන්න පුළුවන් වෙන්නට ඕනෑ. ඒ උදවියත් ඉල්ලන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් දිනිය හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න කියලා. අද රටේම විශාල සුළඟක් හමනවා. ලොකු මන්තරයක් මැතිරෙනවා. මාතර, බදුල්ල ප්‍රදේශවල බහුතරයක් තරුණ මුහුණු අපි දැක්කා. 77 රැල්ල වගේ රැල්ලකට අපි යන්න හදන්නේ. 77න් පස්සේ 89 ඡන්දවලදී අපි කතා කළේ පාළු පිට්ටනිවල. අද මේ ජන ගඟ දිහා බලනකොට කිසිම සැකයක් නෑ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා 1977 වගේ ජයක් අත් කරගන්වා කියලා

අහාක බලන්නැතුව පොඩි ලයික් එකක් දාලා යමු. මීට colombo News

Toggle navigation අලුත්කඩේ අධිකරණ බලසීමාවට අධිකරණ නියෝගයක් 2019-09-01 Facebook Twitter Views අද (01)

අද (01) සිට ලබන 10 වැනිදා දක්වා අලුත්කඩේ අධිකරණ බලසීමාව තුළ නීති විරෝධී ආකාරයට සාමය කඩ වන අයුරින් කටයුතු කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ කාලසීමාව තුළ එම පරිශ්‍රයේ සාමය කඩ වන අයුරින් උද්ඝෝෂණ, රැස්වීම්, පෙළපාලි පැවැත්වීම තහනම් වෙනු ඇති.

(වැඩි විස්තර පහතින්)

කොළඹ මාර්ග තදබදයට

කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක වන බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයේ සමාරම්භය අද දින සිදුවිය. මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සංකල්පයකට අනුව මෙම සේවාව කි‍්‍රයාත්මකයි. මහානගර අමාත්‍යාංශය මගින් පරිපාලිත ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙ

ම සේවාව පවත්වාගෙන යනු ලබයි.

කොළඹ නගරය පුරා ඇති වී ඇති උග‍්‍ර රථවාහන තදබදයට විසඳුමක් ලෙස නගරය පුරා ඇති අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳව සිදු කරන ලද විද්‍යාත්මක ශක්‍යතා අධ්‍යනයකින් අනතුරුව මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය කි‍්‍රයාත්මකයි. වර්තමානයේදී කොළඹ කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බස් රියකින් ගමන් කිරීමේදී විනාඩි 30 ක පමණ කාලයක් ගත වන අතර මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවාවෙන් මිනිත්තු 9 -10 ක් අතර කාලයකින් ගමනාන්තයට ළඟා විය හැක.

මෙම යාත‍්‍රා සේවාව අද දින මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ ආරාධනයෙන් ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. මුල් මාසය ඇතුළත මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. ශ‍්‍රී ලංකා නාවුක හමුදාව හා ඒකාබද්ධව කි‍්‍රයාත්මක මෙම යාත‍්‍රා සේවය නාවුක ගමනා ගමනයේදී පිළිපැදිය යුතු සියළු ආරක්‍ෂක විධිවිධාන අනුගමනය කරමින් කි‍්‍රයාත්මකයි.

මිනුවන්ගොඩට අරුනැල්ලක්

මිනුවන්ගොඩ – නයිවල උසස් අධ්‍යාපන තාක්ෂනික විද්‍යාලයේ සිව්මහල් ගොඩ නැගිල්ල පසුගියදා, නියෝජ්‍ය අමාත්‍ය (වර්තමාන වැඩ බලන ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය) ගරු එඩ්වඩ් ගුණසේකර මැතිතුමන්ගේ හා රාජ්‍ය අමාත්‍ය ගරු අජිත් මාන්නප්පෙරුම මැති තුමන්ගේ ප්‍රදානත්වයෙන් පසුගිය දා විවුර්ත්‍ර කරන ලදි

කොළඹ මාර්ග තදබදයට විසදුමක්

කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක වන බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයේ සමාරම්භය අද දින සිදුවිය. මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සංකල්පයකට අනුව මෙම සේවාව කි‍්‍රයාත්මකයි. මහානගර අමාත්‍යාංශය මගින් පරිපාලිත ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම සේවාව පවත්වාගෙන යනු ලබයි.

කොළඹ නගරය පුරා ඇති වී ඇති උග‍්‍ර රථවාහන තදබදයට විසඳුමක් ලෙස නගරය පුරා ඇති අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳව සිදු කරන ලද විද්‍යාත්මක ශක්‍යතා අධ්‍යනයකින් අනතුරුව මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය කි‍්‍රයාත්මකයි. වර්තමානයේදී කොළඹ කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බස් රියකින් ගමන් කිරීමේදී විනාඩි 30 ක පමණ කාලයක් ගත වන අතර මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවාවෙන් මිනිත්තු 9 -10 ක් අතර කාලයකින් ගමනාන්තයට ළඟා විය හැක.

මෙම යාත‍්‍රා සේවාව අද දින මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ ආරාධනයෙන් ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. මුල් මාසය ඇතුළත මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. ශ‍්‍රී ලංකා නාවුක හමුදාව හා ඒකාබද්ධව කි‍්‍රයාත්මක මෙම යාත‍්‍රා සේවය නාවුක ගමනා ගමනයේදී පිළිපැදිය යුතු සියළු ආරක්‍ෂක විධිවිධාන අනුගමනය කරමින් කි‍්‍රයාත්මකයි.

ඩ්‍රෝන යානා සංගණක්

ඩ්‍රෝන යානා පිළිබඳ දීපව්‍යාප්ත සංගණයක් පැවැත්වීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.
එම අධිකාරියේ www.caa.lk වෙබ් අඩවියේ සංගණනය සඳහා වන අයදුම්පත්‍රය පල කර ඇති බව සදහන් වේ.
මේ වන විට ඩ්‍රෝන යානා 500 ක් පමණ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි වී ඇත.

මෙම සංගණනයේ අරමුණ වන්නේ අදාළ ඩ්‍රෝන යානා ලියාපදිංචි හිමිකරුවන් සතුව තවදුරටත් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලබාගැනීම සහ ලියාපදිංචි නොකළ ඩ්‍රෝන යානා ලියාපදිංචි කිරීමය.
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව ඩ්‍රෝන යානා ගුවන් ගත කිරිම ආරක්ෂක අමාත්‍යාංශය මඟින් තහනම් කිරීමට පියවර ගැණුනි.
සංගණනයේදී ලබාගන්නා දත්ත මත පදනම්ව ඩ්‍රෝන යානා තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.

කොළඹ කොටුවට යන්න බෝට්ටු සේවා

කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක වන බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයේ සමාරම්භය හෙට(22) දින සිදු කිරීමට නියමිතයි.

මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව මෙම සේවාව කි‍්‍රයාත්මකයි.
මහානගර අමාත්‍යාංශය මඟින් පරිපාලිත ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම සේවාව පවත්වාගෙන යනු ලබයි.
කොළඹ නගරය පුරා ඇති වී ඇති උග‍්‍ර රථවාහන තදබදයට විසඳුමක් ලෙස නගරය පුරා ඇති අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳව සිදු කරන ලද විද්‍යාත්මක ශක්‍යතා අධ්‍යනයකින් අනතුරුව මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය කි‍්‍රයාත්මකයි.
වර්තමානයේදී කොළඹ කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බස් රියකින් ගමන් කිරීමේදී විනාඩි 30 ක පමණ කාලයක් ගත වන අතර මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවාවෙන් මිනිත්තු 9 -10 ක් අතර කාලයකින් ගමනාන්තයට ළඟා විය හැක.
මෙම යාත‍්‍රා සේවාව හෙට දින මහනගර ඇමති චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිතයි.
මුල් මාසය ඇතුළත මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
ශ‍්‍රී ලංකා නාවුක හමුදාව හා ඒකාබද්ධව කි‍්‍රයාත්මක මෙම යාත‍්‍රා සේවය නාවුක ගමනා ගමනයේදී පිළිපැදිය යුතු සියලු ආරක්‍ෂක විධිවිධාන අනුගමනය කරමින් කි‍්‍රයාත්මකයි.
රථ වාහන තදබදයට විසඳුම් ලෙස මේ වන විටත් මහානගර අමාත්‍යාංශය මගින් බස් ප‍්‍රමුඛතා මංතීරු කි‍්‍රයාත්මක කර ඇති අතර සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය ද කි‍්‍රයාවට නංවා තිබේ.

සුවසැරිය 1990

ශ්‍රී ලංකාවේ පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර සේවාව විප්ලවීය මාවතකට අවතීර්ණ කළ 1990 සුවසැරිය ගිලන්රථ සේවාව එහි නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කිරීමේ ඓතිහාසික අවස්ථාව අම්පාර නගරයේදී සනිටුහන් කළේය.

මේ ආකාරයෙන් 1990 සුවසැරිය ගිලන්රථ සේවාව සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කළේ මෙම සේවාව මේ දිනයේදී නැගෙනහිර පළාතේ ආරම්භ කරමිනි. ඊයේ පෙරවරුවේ අම්පාර නගරයේ පැවති මෙම උත්සව අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය. මෙම සේවාව මුල් වරට 2016 ජූලි මාසයේදී දකුණ සහ බස්නාහිර පළාතේ ආරම්භ කළ අතර පසුව සෙසු පළාත්වලද ක්‍රමයෙන් ආරම්භ කළේය.

මෙම සේවාව සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කිරීමත් සමඟ දිවයින පුරා 1990 සුවසැරිය ගිලර් රථ 297ක් ක්‍රියාත්මක වේ. මින් ගිලන් රථ 27 ක්‍රියාත්මක වන්නේ අද දිනයේදී මෙම සේවාව ආරම්භ කළ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකළපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලයි. මේ දක්වා මෙම සේවාව දුරකතන ඇමතුම් 1,133,344 කට ක්ෂණිකව ප්‍රතිචාර දක්වා 219371ක් ගිලන්රථ පිටත් කර යවා මිනිත්තු 12.58 ක් වැනි සාමාන්‍ය කාලයක් තුළ රෝගියා වෙත ළඟාවී හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් 198,223ක් රෝහල් කරා රැගෙන ගොස් තිබේ. මීට අමතරව, මෙම ගිලන්රථ තුළ මේ වන විට දරු උපත් 89ක් සිදුවී ඇත.

1990 සුවසැරිය ගිලන්රථ සේවාව සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කිරීමේ ඓතිහාසික අවස්ථාවේදී අදහස් දක්වමින් එම සේවාවේ නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය.

“ඇත්ත වශයෙන්ම සුවසැරිය කණ්ඩායම ලෙස අපට අද සුවිශේෂී දවසක්. අභි‍යෝග මැදින් ආරම්භ කළ ගමනක ජය කණුව වෙත අපි අද පැමිණීමට සමත්වී තිබෙනවා. මෙම සේවාව මෙතරම් සාර්ථක වී තිබෙන්නේ අපගේ සුවසැරිය කණ්ඩායමේ සාමාජිකයින්ගේ දැඩි කැපවීම නිසයි. ඔවුන් සුවසැරිය වෙනුවෙන් වැඩ කරන්නේ රැකියාවකට එහා ගිය ජාතික සේවාවක් ලෙස හිතලයි. මෙම කණ්ඩායමේ නායකයා ලෙස මම ඔවුන් ලබාදෙන සේවාව පිළිබඳව ආඩම්බර වෙනවා. ඉදිරියේදී මෙම සේවාව අපේ රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා තව තවත් දියුණු කර ඉදිරියට අරගෙන යනවා”

දින 365 පුරාම දිවා රෑ කිසිදු ගාස්තුවක් අය නොකරමින් නොමිලේ සේවාව ලබාදෙන 1990 සුවසැරිය පසුගියදා නව හදිසි මෙහෙයුම් කළමනාකරණ පද්ධතිය (Emcrgcncy Dispatch Managcmcnt System – EDM) සහ සුවිශේෂී 1990 ජංගම දුරකතන ඇප් ‍සේවාවද හඳුන්වා දුන්නේ ය.

මෙම සේවාව ශ්‍රී ලංකාව පුරාම ආරම්භ කිරීම සඳහා ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 22. 5ක යළි නොගෙවිය යුතු ප්‍රදානයක් ලබාදුන් අතර 2018 වසරේදී පාර්ලිමේන්තු පනතක් මගින් සුවසැරිය පදනම ආරම්භ කරමින් මෙම සේවාවේ මෙහෙයුම් කටයුතු සුවසැරිය පදනමට පැවරීමෙන් පසුව මෙම සේවාව මේ වනවිට ‍මෙරට රජයට පූර්ණ අනුබද්ධ සේවාවක් ලෙස ක්‍රියාත්මක වේ. සම්පූර්ණයෙන්ම රජයට අයත් සුවසැරිය පදනම ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යාංශය යටතේ මේ වන විට ක්‍රියාත්මක වේ. සුවසැරිය පදනම සඳහා සාමාජිකයින් ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙන අතර මේ වනවිට මෙරට තරුණ දරුවන් 1,428ක් සුවසැරිය පදනම යටතේ රැකියා අවස්ථා හිමිකරගෙන තිබේ.

මෙම සභාව අමතා ඉන්දියානු මහ කොමසාරිස් සරංජින් සිං මහතා ද කතා කළ අතර පිළිගැනීමේ කතාව අම්පාර මහ දිසාපති ඩී.එම්.එල්. බණ්ඩාරනායක මහතා විසින් සිදු කරන ලදී.

මේ අවස්ථාවට නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ , හිටපු නියෝජ්‍ය ඇමති ෆයිසාල් කාසිම්, නැගෙනහිර පළාත් සභා සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති යන මහත්ම මහත්මීන් ද එක් වී සිටියහ.

කොළඹ සැහැල්ලු දුම්රිය වැඩ ඇරබයී

මාලඹේ කොළඹ සැහැල්ලූ දුම්රිය පද්ධතියේ මූලික අදියරේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. එහි ඉංජිනේරුමය සැලසුමට අනුව දුම්රිය ධාවනය සඳහා කණු ඉදිවන ස්ථානයන් හි පූර්ව විශේෂ පරීක්ෂණ කටයුතු ( Bore hole Testing ) සිදු කෙරෙමින් පවතී.

මේ අනුව ස්ථාන 200 ක් පරීක්ෂා කරන අතර එම කටයුතු විශේෂඥ දැනුම ඇති ආයතන5 ක් විසින් සිදු කරනු ලබයි. ඉදිකිරීම් කටයුතු මහජනතාවගේ එදිනෙදා කටයුතුවලට බාධාවන් නොවන අයුරින් සිදු කරන අතර මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය මගින් මාලඹේ සිට කොළඹ කොටුව දක්වා කි. මී. 16 ක් දුර නව දුම්රිය මාර්ගයක් ඉදිකරනු ඇති අතර, ඒ මත මෙම නවීන සුඛෝපභෝගී සැහැල්ලූ දුම්රිය සේවාව ආරම්භ කරනු ඇත.
දුම්රිය මාර්ගය දැනට පවතින මහාමාර්ගවල මධ්‍යයේ ඉදිකෙරෙන කොන්ක‍්‍රීට් කුළුණු මත ඉදිකෙරේ. ගමනාන්ත දෙක අතර දුම්රිය නැවතුම් පොලවල් 16ක් ඉදිකෙරෙන අතර, මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතට ආසන්නව දුම්රිය නඩත්තු හා සේවා සඳහා අංගනයක් ද ඉදිකෙරේ.
ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදනය කරනු ලබන සුඛෝපභෝගී සැහැල්ලූ විදුලි දුම්රිය මෙහි ධාවනය සඳහා යොදාගනු ලබයි. ආරක්ෂාකාරී සහ සුවපහසු ප‍්‍රවාහන සේවාවක් මෙමගින් සැපයේ.
මෙම සැහැල්ලූ දුම්රිය පද්ධතිය 2025 වර්ෂය වන විට මහජනතාව සඳහා විවෘත කිරීමට හැකි වනු ඇත. කණු මත ඉදිවන දුම්රිය මාර්ගය මීටර් 8.4ක පළලින් සමන්විත ය. ධාවනය සඳහා දුම්රිය කට්ටල 25ක් යොදා ගැනීමට නියමිත අතර, ඒවා දුම්රිය මැදිරි 4 කින් සමන්විත වරකට මඟීන් 800ක් පමණ රැගෙන යාමේ ධාරිතාවකින් යුක්ත ය.
සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය නිම වූ පසුව, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මාලඹේ IT Park දුම්රිය ස්ථානයට ගමන් කිරීමට ගතවන කාලය මිනිත්තු 32කි. කාර්ය බහුල වේලාවන් තුළ සෑම මිනිත්තු 3 කට වරක්ම දුම්රියක් දුම්රිය ස්ථානවලට ළඟාවනු ඇත.
කාර්ය බහුල නොවන වේලාවන්වල සීමා සහිත නැවතුම් දුම්රියක් හඳුන්වා දීමට අපේක්ෂා කරන අතර, එය මිනිත්තු 28 ක් තුළදී කොළඹ කොටුව සිට IT Park දුම්රිය ස්ථානය දක්වා ගමන් කරනු ඇත.
මෙම ව්‍යාපෘතිය කාන්තාවන්, දරුවන් සහ අනෙකුත් ආබාධිත පුද්ගලයන්ට පහසුකම් සපයන සේවාවක් ලෙස ඒ සඳහා වූ ජාත්‍යන්තර ප‍්‍රමිතිවලට අනුගත වෙමින් නිර්මාණය කරනු ඇත.
ව්‍යාපෘතියේ මුළු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 පමණ වන අතර, එම මුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.85 ක ප‍්‍රමාණයක් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) විසින් සහනදායි ණයක් ලෙස ලබා දෙනු ලබයි.
මෙම ණය මුදල සිවිල් වැඩ සහ උපකරණ සඳහා පොලී අනුපාතය වාර්ෂිකව 0.1%ක් ද, උපදේශන සේවා සඳහා පොලී අනුපාතය වාර්ෂිකව 0.01%ක් ද සහිතව ලබා දෙනු ලැබේ. මෙම ණය මුදල පියවීමට අවුරුදු 40ක ආපසු ගෙවීමේ කාලයක් ලබා දී ඇති අතර, අවුරුදු 12ක සහන කාලයක් ඒ සඳහා ඇතුලත්ව ඇත.
මෙමගින් ජනතාව පෞද්ගලික වාහන භාවිතය වෙනුවට මෙම පොදු ප‍්‍රවාහන ක‍්‍රමය සමඟ සම්බන්ධ වීමත්, නාගරික රථවාහන තදබදය අඩුවීමත් හේතුවෙන් ඉන්ධන දහනය අඩු වී කාබන් විමෝචනය අඩුවනු ඇත.
ඇස්තමේන්තුවලට අනුව ව්‍යාපෘතිය හේතුවෙන් කාබන් විමෝචනය වසරකට ටොන් 53,929කින් අඩුවනු ඇත. ඒ අනුව කොළඹ සැහැල්ලූ දුම්රිය සේවය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් වන අතරම එම ව්‍යාපෘතිය හේතුවෙන් රථවාහන අනතුරු ද අඩු වනුඇත

කොරියානු – ශ්‍රී ලංකා තාක්ෂණික අභ්‍යාස ආයතනය (K-Tec)

ඇමරිකානු ඩොලර් එක්කෝටි පහලොස් ලක්ෂයක මුදලක් වැය කොට ඔරුගොඩවත්ත මං සන්ධියේ ස්ථාපිත කොට ඇති කොරියානු – ශ්‍රී ලංකා තාක්ෂණික අභ්‍යාස ආයතනය (K-Tec) ලබන අඟහරුවාදා ( 2019.08.20 ) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරේ. මේ තාක්ෂණික වෘත්තීය පුහුණු ආයතනය ඉදි කිරීම සඳහා කොරියානු එක්සිම් බැංකුව අධාර සපයා ඇත.සිසුන් 1200 කට මෙහි එකවර NVQ 05 ,06 නැමැති ජාත්‍යන්තර වෘත්තීය

පුහුණුව මෙමඟින් සැපයේ.

මහින්ද ටත් මහිදගේ පිහිටයී..!

ගෝඨාභය රාජපක්ෂ තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) සාමාජිකත්වය නොගෙන නිර්පාක්ෂිකව සිටීම ගැන තමන් සතුටු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති මහින්ද අමරවීර පවසයි.

උප සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදීය.

ගෝඨාභය රාජපක්ෂට සහාය දීමට මෙතෙක් ශ්‍රීලනිපය කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව පවසාසිටි මහින්ද අමරවීර ශ්‍රීලනිප මධ්‍ය කාරක සභාවේ අදහසනම් ශ්‍රීලනිපයත් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවද ඇත.

කෙසේවෙතත් ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් එහිදී ප්‍රතිපත්ති සම්බන්ධයෙන් එකඟතාවක් ලබාගැනීමටත් දෙවනුව ශ්‍රීලනිපයේ අනන්‍යතාවය රැකගෙන කටයුතු කිරීම පිළිබඳවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමුව ඇති බව උප සභාපති අමරවීර පෙන්වා දී ඇත.

එමෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව දැනටමත් ඔහුගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අහෝසි වී ඇති බවත් ඕනෑම මොහොතක ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම හැකියාව නීතිමය වශයෙන් තමන් සතුව පවතින බවත් ශ්‍රීලනිප උප සභාපති මහින්ද අමරවීර පවසයි.

දැනට ශ්‍රීලනිපය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් සඳහා සාකච්ඡා පැවැත්වෙන අතර ඊට බාධාවක් වන පියවරකට යාමට තමන් අදහස් නොකරන බවද ඔහු පෙන්වා දෙයි.

එසේම මහින්ද රාජපක්ෂ මහතා දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂයක නායකයකු වීම මත ඒ මහතාට විපක්ෂ නායක ධුරය දැරිය හැකිද යන ප්‍රශ්නයත් පාර්ලිමේන්තුව හමුවේ පවතින බව අමරවීර මහතා ප්‍රකාශ කළේය.

ආන්ඩුව ජනතාවට වැඩ කරේම නෑ

  1. දෙමාපියන්ට බරක් නොවී අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පසුබිම මෙරට සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙත ලබාදීමේ අරමුණින් පාසල් සිසුන් ලක්ෂ 45 ක් වෙත සුරක්ෂා සිසු රක්ෂණාවරණය හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 2017 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවලිය මගින් පළමු වරට “දැයේ දරුවන් සදා සුරකින” තේමාව යටතේ “සුරක්ෂා” රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම සිදු කෙරුණා.

ඒ අනුව පාසල් දරුවන් වෙත පෙළ පොත්, නිල ඇඳුම් සහ උදෑසන ආහාර නොමිලේ ලබා දීම ඇතුළු ප්‍රගතිශීලී පියවර රාශිය අතරට සුරක්ෂා රක්ෂණාවරණය ලබා දීම ද ඇතුළත්වුණා.

රෝග, අනතුරු හා ආබාධ තත්ත්වවලදී සිසුන් ඉක්මන් සෞඛ්‍ය සේවා සඳහා යොමු කිරීම මගින් පාසල් පැමිණීම ඉහළ නැංවීම, වසර 13ක අනිවාර්ය පාසල් අධ්‍යාපනය සඳහා සිසුන් යොමු කිරීම, ආබාධ තත්ත්වවල දී ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සඳහා සිසුන් යොමු කිරීමට සහාය වීම ද “සුරක්ෂා” සිසු රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම මගින් අරමුණු කර තිබෙනවා.

ඒ අනුව සියලුම රජයේ පාසල්, ආධාර ලබන හෝ නොලබන පෞද්ගලික පාසල්, පිරිවෙන්, උපකෘත පාසල්, සහ ජාත්‍යන්තර පාසල් ඇතුළු සියලුම අධ්‍යාපන ආයතනවල ලියාපදිංචි වී පළමුවන ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල සහ වි‍ශේෂ අධ්‍යාපන ඒකකවල ඉගෙනුම ලබන වයස අවුරුදු 5ත් 19ත් අතර වයස් සීමාවේ පසුවන සියලුම සිසුන් මෙහි ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබනවා.

පසුගිය වසරේ දී මෙම රක්ෂණාවරණය ලබාදීමේ දී ලද අත්දැකීම් සැලකිල්ලට ගනිමින් රජයට අවම වියදමක් දරා සිසුන්ට වැඩි ප්‍රතිලාභ හිමිවන පරිදි 2018/19 වර්ෂය සඳහා නව යෝජනා ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කරුණු පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇති අතර 2017/18 වර්ෂයට සාපේක්ෂව ප්‍රතිලාභ මුදල මෙන්ම ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථා ද වැඩි කිරීමට මෙවර පියවර ගෙන තිබෙනවා.

2017/18 වර්ෂයට සාපේක්ෂව 2018/19 වර්ෂයේ දී ලබාදෙන ප්‍රතිලාභවල වැඩිවීම පහතින් දැක්වෙයි

නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් රටේ අධ්‍යාපන පද්ධතිය තුළින් ගොඩනැගීම වෙනුවෙන් මිලියන 4.5කට අධික පාසල් සිසුන් සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණ ජාතික වැඩසටහන ක්‍රියාවට නංවන්නට ඉඩ ලැබීම පිළිබඳව අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මම අතිශයින් සතුටට පත්වෙමි.* ඒ හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සුරක්ෂා රක්ෂණ වැඩසටහන ආරම්භ කරමින් නිකුත් කළ නිවේදනයේ කොටසකි.

2017 අයවැය යෝජනා සඳහා අධ්‍යාපන ඇමැතිවරයා යෝජනා කළ සුරක්ෂා සිසු රක්ෂණාවරණය 2017 ඔක්තෝබර් 1දා සිට ක්‍රියාත්මක විය. එය සිසුගත කිරීමේ ජාතික උත්සවය ඔක්තෝබර් 2දා අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත්ව පැවැත්වුණි. එයට ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයාද සහභාගි වූහ. එය පිළිබඳ පණිවුඩය ජනතාවට ගෙනයාමට රු. මිලියන ගණනාවක් වැයකර මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රචාරණ වැඩසටහනක් ද දියත් කෙරුණි. නමුත් අඬබෙර ගසා ආරම්භ කළ සුරක්ෂා රක්ෂණාවරණයටද අවුරුද්දක් ගතවන විට සුරක්ෂාවක් නැතිවිය.

රුපියල් මිලියන 2700කට තමයි මෙය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ අධ්‍යාපන අමාත්‍යංශය ගිවිසුම්ගත වෙලා තිබෙන්නේ. රක්ෂණ ගිවිසුමට අනුව 2018 පසුගිය ඔක්තෝබර් 1 දායින් රක්ෂණය අවසන් වෙනවා. එයට පෙර සුරක්ෂා රක්ෂණය සඳහා ආණ්ඩුවෙන් ටෙන්ඩර් කැඳවනවා. එයට රක්ෂණ සමාගම් කිහිපයක් ටෙන්ඩර් ඉදිරිපත් කරනවා. ඒ අතරින් එක් අයෙක් තෝරා ගන්නවා. නමුත් යම්කිසි ගැටුමක් අර්බුදයක් නිසා එම ටෙන්ඩරය ලබාදෙන්නේ නෑ. ආරංචි විදිහට විදේශීය සම්බන්ධයක් ඇති සමාගමක් තමයි තෝරාගෙන සිටින්නේ. රක්ෂණය නතර වුණා. මාස දෙකකට යළිත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රක්ෂණය බාරදුන්නා. මේ මාස දෙක නොවැම්බර් 30දා අවසන් වුණා. ඊට පසු රක්ෂණය කිසිම ආයතනයකට බාරදීලා නැහැ. එලෙස අපට පැවසුවේ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින්ය.

මෙම රක්ෂණය දේශපාලන තීරණ මත ආරම්භ වුවද එයට යොදාගන්නේ ජනතාවගේ බදු මුදල්ය. එහි අරමුණ වශයෙන් සඳහන් වන්නේ දැයේ දරුවන් සදා සුරකින්නට යන්නයි. එහෙත් ඉන් දරුවන් සුරුකුණාද යන්න ගැටලුවකි. මේ රක්ෂණ සැලසුමට රු. මිලියන 2700ක් ආණ්ඩුව රක්ෂණ සංස්ථාවට ගෙවා තිබුණත් පසුගිය කාලය තුළ රක්ෂණ ප්‍රතිලාභ වශයෙන් සිසුන්ට ගෙවා තිබෙන්නේ රු. මිලියන 237යි. එතකොට ඉතිරිය තනිකරම රක්ෂණ සංස්ථාවට විශාල ලාභයක්. මේක කිසිම තේරුමක් නැති වැඩක්. ජෝශප් ස්ටාලින් වැඩිදුරටත් කීවේය.

අධ්‍යාපන අමාත්‍යංශය හරහා රක්ෂණ වැඩසටහන මෙහෙයුම් කටයුතු සිදුවේ. අමාත්‍යංශ වෙබ් අඩවියේ වෙනම ඉඩක් සුරක්ෂා රක්ෂණයට වෙන්ව ඇත. එමෙන්ම එහි වෙනම අංශයක්ද සුරක්ෂා සඳහා වෙන්කර තිබේ. නමුත් අප උත්සාහ කළද අමාත්‍යංශ ලේකම්වරයා හෝ සුරක්ෂා ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සම්බන්ධ කර ගැනීමට හැකිවුණේ නැහැ. අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රකාශකයෙක් එහි වත්මන් ස්වභාවය අපට පැවසුවේ මෙලෙසිනි.

දැනට රක්ෂණ ආවරණ ප්‍රතිලාභ ලබාදීම සඳහා අයදුම්පත්, අපි වගේම රක්ෂණ සංස්ථාවත් බාර ගන්නවා. වැඩසටහන නවත්වා නැහැ. රක්ෂණ ප්‍රතිලාභ ලැයිස්තු ලබාගන්නවා. නමුත් නිලධාරීන්ට තීරණය කිරීමට බැහැ රක්ෂණය ඉදිරියට පවත්වාගෙන යන බවට. ඒ සඳහා පවතින දේශපාලන ව්‍යාකූලත්වය පහව ගිහින් අලුත් ඇමැතිවරයෙක් පත්වී තීරණ ගත යුතුයි. එතෙක් කුමක් සිදුවේද කියලා පැවසීමට අපහසුයි.

ලංකාවේ පාසල් 11242ක් තුළ අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂ 45ක් නොමිලේ රක්ෂණය කිරීම භාරදූර කාර්යයකි. නමුත් සංඛ්‍යාලේඛන පිරික්සන විට පෙනෙන්නේ මේ ලාබාල වයසේ දරුවන්ට එතරම් රක්ෂණ ප්‍රතිලාභ ලබාගැනීමට අවශ්‍යතාවයක් නැති බවයි. රක්ෂණ සැලසුම යටතේ පාසල් දරැවකුගේ බාහිර ප්‍රතිකාර සඳහා වාර්ෂිකව රු.10,000 දක්වාද රෝහල් ගතවීමකදී රැ.200,000 දක්වාද, හදිසි මරණයකදී රු.100,000 දක්වාද මව හෝ පියා හදිසියේ මරණයට පත්වුවහොත් රු. 75,000ක්ද ලබාදීමට නියමිත විය. අවුරුදු 5 සිට 19 දක්වා වයස් කාණ්ඩයේ සිසුහු මෙම සැලසුමට ඇතුළත් වූහ.

රක්ෂණ යෝජනා ක්‍රමය ආරම්භ කර මාස පහකට පසු 2018 මාර්තු වනවිටත් ඉන් ප්‍රතිලාභ වශයෙන් ගෙවා තිබුණේ රු. මිලියන 27ක් පමණි. මාස 5ක් තුළ රක්ෂණ ගෙවීම් සඳහා ඉල්ලීම් පැමිණ තිබුණේ 6,600කි. ඉන් පෙනෙන්නේ ශිෂ්‍ය ප්‍රජාවගෙන් රක්ෂණ හිමිකම ලබාගෙන ඇත්තේ ඉතා සුළු පිරිසක් පමණක් බවයි. මේ ගැන තවදුරටත් අදහස් දැක්වූ ජෝශප් ස්ටාලින් මෙසේද කීවේය.

මෙවර සිසුන්ට ලබාදුන් පෙළපොත් සියල්ලේම සුරක්ෂා රක්ෂණයේ දැන්වීමක් මුද්‍රණය කර තිබෙනවා. ඒක වැරදියි. මෙහි ප්‍රචාරණ වැඩ කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශයයි. රක්ෂණ සංස්ථාවට තියෙන්නේ චෙක් එක ලියලා දෙන එක විතරයි. මේක රු. මිලියන 1500කට ඉන්දියන් සමාගමකට ප්‍රතිරක්ෂණය කරලා තිබෙනවා. ඉන් මිලියන 500ක කොමිස් එකක් ලැබී තිබෙනවා. අපි මේ කොමිස් මුදල ගැන හෙළිදරව් කළාම හිටපු අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ එම මුදලෙන් සුරක්ෂා රක්ෂණය මගින් ආවරණය නොවන රෝගවලට මුදල් ලබාදීමට අරමුදලක් හැදූ බවයි. දැන් ඒ මිලියන 500 කොහෙද කියලා අපිවත් දන්නෙ නැහැ. අපි නම් කියන්නේ මෙහෙම වියදම් කරන මුදලින් ළමා රෝහල්, පාසල්වල දන්ත ශල්‍යාගාර වගේ දේවල් හැදුවා නම් මීට වඩා ප්‍රයෝජනවත් කියලයි.

මහා පරිමාණයෙන් ප්‍රචාරය කර ආරම්භ කරන බොහෝ ව්‍යාපෘති නිසි සැලසුමකින් තොරවීම නිසා අතරමග නතර වේ. උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය අවසානයේ නමට පමණක් සීමා විය. සුරක්ෂා රක්ෂණයටද අත් වී ඇත්තේ එම ඉරණමයි. සැබවින්ම විශාල රක්ෂණ වාරිකයක් සමාගමකට ගෙවා ඉන් සුළු ප්‍රමාණයක් පමණක් ප්‍රතිලාභ වශයෙන් ගෙවනා රක්ෂණ සැලසුමකින් ශිෂ්‍ය ප්‍රජාවට සුරක්ෂාවක් ලැබීමට වඩා සිදුවන්නේ ජනතාවගේ මුදල් නාස්තියකි.

 කුසුම්සිරි විජයවර්ධන

සැබෑ ලොව ඩ්‍රැකියුලා

මධ්‍යම රාත්‍රිය පසුවූ පසු වවුල් වේශයෙන් ලේ පිපාසිතව මිනිසුන් සොයා පැමිනෙන වැම්පයර් කෙනෙක් වන”ඩ්‍රැකියුලා” ගැන නොදන්න කෙනෙක් නොමැති තරම්,
ඇග කිලිපොලා යන තරම් වන එම ස්ලේවික් පුරාවෘත්තයට අනුව ජීවී මිනිසුන්ගේ රැධිරය උරා බී සදා අමරණීය පතන මෙම වවුල් වැම්පයර් මිනිසා “ඩ්‍රැකියුලා”ලෙස සාහිත්‍ය ලෝකයට බෞතිස්ම ලබන්නේ 1897 දී බි‍්‍රතාන්‍ය ලේඛක බ‍්‍රෑම් ස්ටෝකර් විසින් 15 වන සියවසේ ජීවත් වූ රැමේනියානු කුමාරයෙක් වන ව්ලැඞ් ටෙප්ස් (Vlad Tepes) හෙවත් ව්ලැඞ් ඩ‍්‍රැකියුලේ යන චරිතය පාදක කරගෙන රචිත පොත් මගිනුයි.ස්ලේවික් පුරාවෘත්තයේ වැම්පයර් වරයා “ඩ්‍රැකියුලා” ගැන මුලු ලොවම දැනගත්තත් ලෝකය පුරා මෙලෙස ලේ බී අමරණීයත්වය සොයන අමනුෂ්‍යයන් ගැන අසන්නට ලැබේ, ඇස්ටෙක් මිථ්‍යා කතාවල හමුවන “සිවටේටියෝ”පුරාණ ගී‍්‍රක පුරාවෘත්තවලින් කියැවෙන “ලමීයා” ලංකාවේ හමුවන “රීරි යකා” චීනයේ “ජියංග් ෂී” පිලිපීනයේ “මනන්ගාල්” මේ අතරින් සමහරෙක්, නමුත් අද අප කතා කරන්න හදන වැම්පයර් වරයා මෙසේ පුරාවෘත්තයක් නොවන සැබෑ ලොවේ ජීවත් වන සැබෑම කෙනෙක්,නමුත් මෙම වැම්පයර් වරයා හමුවන්නේ රැමේනියාවෙන් නම් නොවේ, ඊට ගොඩක් ඈත මධ්‍යම හා දකුනු ඇමරිකානු රටවලින්,විශේෂ තුනකින් හමුවන මෝවුන් මේක්සිකෝවේ සිට බ්‍රසීලය, චිලී,උරැගුවේ හා ආර්ජන්ටිනාව යන රටවලින් හමුවේ එම වර්ග තුන නම්
1.Common vampire bat-(Desmodus rotundus)
2.hairy-legged vampire bat-(Diphylla ecaudata)
3. white-winged vampire bat-(Diaemus youngi)

ලොව සියයට සියයක් ලේ වලින්ම පමනක් යැපෙන එකම ක්ෂීරපායී සත්වයා මෙම වැම්පයර් වවුලායි. විශාල ක්ශීරපායී ගොවිපල සතුන් ප්‍රධාන වශයෙන් මොවුන්ගේ ප්‍රහාරයට ලක්වන අතර ඇතැම් අවස්ථාවල මිනිසුන් පවා ප්‍රහාරයට ලක්වූ බව වාර්තා වී ඇත,පුරාවෘත්ත වල හමුවන වැම්පයර් වවුන් මෙන් ලේ උරා බීමට නොහැකි මොවුන් ලේ බීම කරන්නේ තියුනු දත් ආධාරයෙන් සිරැර සිදුරැ කොට එයින් එලියට පැමිනෙන රැධිරය ලෙව කා ආහාරයට ගැනීමෙනුයි. සාමාන්‍යයෙන් මාරක ලෙස ලේ උරා නොබන අතර සමහර අවස්ථාවල ප්‍රහාරයට ලක්වූ සතුන් අධික ලේ වහනය නිසා මියගිය අවස්ථා වාර්තා වේ,
ඉතින් තවත් දිනක මෙවන් මිහිමඩලේ අසිරිමත් කථාවකින් හමුවෙමු.

සැබෑ ලොව ඩ්‍රැකියුලා ================== මධ්‍යම රාත්‍රිය පසුවූ පසු වවුල් වේශයෙන් ලේ පිපාසිතව මිනිසුන් සොයා පැමිනෙන වැම්පයර් කෙනෙක් වන”ඩ්‍රැකියුලා” ගැන නොදන්න කෙනෙක් නොමැති තරම්, ඇග කිලිපොලා යන තරම් වන එම ස්ලේවික් පුරාවෘත්තයට අනුව ජීවී මිනිසුන්ගේ රැධිරය උරා බී සදා අමරණීය පතන මෙම වවුල් වැම්පයර් මිනිසා “ඩ්‍රැකියුලා”ලෙස සාහිත්‍ය ලෝකයට බෞතිස්ම ලබන්නේ 1897 දී බි‍්‍රතාන්‍ය ලේඛක බ‍්‍රෑම් ස්ටෝකර් විසින් 15 වන සියවසේ ජීවත් වූ රැමේනියානු කුමාරයෙක් වන ව්ලැඞ් ටෙප්ස් (Vlad Tepes) හෙවත් ව්ලැඞ් ඩ‍්‍රැකියුලේ යන චරිතය පාදක කරගෙන රචිත පොත් මගිනුයි.ස්ලේවික් පුරාවෘත්තයේ වැම්පයර් වරයා “ඩ්‍රැකියුලා” ගැන මුලු ලොවම දැනගත්තත් ලෝකය පුරා මෙලෙස ලේ බී අමරණීයත්වය සොයන අමනුෂ්‍යයන් ගැන අසන්නට ලැබේ, ඇස්ටෙක් මිථ්‍යා කතාවල හමුවන “සිවටේටියෝ”පුරාණ ගී‍්‍රක පුරාවෘත්තවලින් කියැවෙන “ලමීයා” ලංකාවේ හමුවන “රීරි යකා” චීනයේ “ජියංග් ෂී” පිලිපීනයේ “මනන්ගාල්” මේ අතරින් සමහරෙක්, නමුත් අද අප කතා කරන්න හදන වැම්පයර් වරයා මෙසේ පුරාවෘත්තයක් නොවන සැබෑ ලොවේ ජීවත් වන සැබෑම කෙනෙක්,නමුත් මෙම වැම්පයර් වරයා හමුවන්නේ රැමේනියාවෙන් නම් නොවේ, ඊට ගොඩක් ඈත මධ්‍යම හා දකුනු ඇමරිකානු රටවලින්,විශේෂ තුනකින් හමුවන මෝවුන් මේක්සිකෝවේ සිට බ්‍රසීලය, චිලී,උරැගුවේ හා ආර්ජන්ටිනාව යන රටවලින් හමුවේ එම වර්ග තුන නම් 1.Common vampire bat-(Desmodus rotundus) 2.hairy-legged vampire bat-(Diphylla ecaudata) 3. white-winged vampire bat-(Diaemus youngi) ලොව සියයට සියයක් ලේ වලින්ම පමනක් යැපෙන එකම ක්ෂීරපායී සත්වයා මෙම වැම්පයර් වවුලායි. විශාල ක්ශීරපායී ගොවිපල සතුන් ප්‍රධාන වශයෙන් මොවුන්ගේ ප්‍රහාරයට ලක්වන අතර ඇතැම් අවස්ථාවල මිනිසුන් පවා ප්‍රහාරයට ලක්වූ බව වාර්තා වී ඇත,පුරාවෘත්ත වල හමුවන වැම්පයර් වවුන් මෙන් ලේ උරා බීමට නොහැකි මොවුන් ලේ බීම කරන්නේ තියුනු දත් ආධාරයෙන් සිරැර සිදුරැ කොට එයින් එලියට පැමිනෙන රැධිරය ලෙව කා ආහාරයට ගැනීමෙනුයි. සාමාන්‍යයෙන් මාරක ලෙස ලේ උරා නොබන අතර සමහර අවස්ථාවල ප්‍රහාරයට ලක්වූ සතුන් අධික ලේ වහනය නිසා මියගිය අවස්ථා වාර්තා වේ, ඉතින් තවත් දිනක මෙවන් මිහිමඩලේ අපුර්වතම පුවත්පත් සමගින්

මහිද ගේ ඩයිගාන කොන්ඩේ සුදු උ අනානම් මිනිස්සු අදුර න එකක් නෑ මෙතෙක් අවුරුදු 30 නඩතු කර චරිතයක් මේ මගේ සැබැ සරූපයට සන්නස්ගල පවසයී

ප්‍රේමකිරිති ද අල්විස්

ලොව නිසසල වී නවතින මොහොතේ
යටි හිත් මතුකොට සිනහ සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහ වෙලා…

තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු
බොඳ වී යයි ආදරයක ලස්සන
දෙහිතෙහි හිර වී ඇති තුරු පමණයි
අප දෙදෙනාගේ කතාව ලස්සන…

අනුන් සිටින විට විමසිලි දෑසින්
නෙත් සඟළින් හෝ ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එක තැන ඉන්නා බව
දෙතොල් තෙරපලා ගොළු කර ගනු මැන…

පද රචනය – ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය – වික්ටර් රත්නායක
ගායනය – නිරංජලා සරෝජිනී

ධනුද්ධර ජයසිංහ

Create your website at WordPress.com
Get started